brand logo
logo

මග වැරදුන හඳුන් දිවියා

22 July 2021

පිළියන්දල කුඩමාදූව ප්‍රදේශයේදී පිරිසක් විසින් සිය වගාවන් මීයන්ගෙන් බේරා ගැනීමට අටවා තිබූ උගුලකට ඊයේ  (22) දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙකු හසුවී ඇත. හොඳින් වැඩී ඇති මේ සත්වයා පිළිබඳව  ප්‍රදේශවාසීන්  විසින් අත්තිඩිය වනජීවි කාර්යාලය දැනුවත් කර ඇති අතර පසුව පැමිණි එම කාර්යාල නිලධාරින් සත්වයා පරීක්ෂා කර බලා එම සත්වයාට කිසිදු අනතුරක් සිදුව නොතිබූ බැවින් සුපුරුදු පරිසරයට නැවතත් මුදාහැරීමට තීරණය කෙරිණ. වනජීවී නිලධාරින් සඳහන් කලේ එම සත්වයා වෙනත් ස්ථානයකට නිදහස් කලේ නම් ඔහුට නුපුරුදු පරිසරයකදී ගැටලු වලට මුහුණ දිය හැකි බවය. කෙසේ වෙතත් එම ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය සති කිහිපයකම සුනඛයින් පුසන් ඇතුළු සතුන් කිසියම් සතකු විසින් සපා කා ඇති සිදුවීම් කිහිපයක් ද වාර්තා වේ. දිනේෂ් රූපසිංහ - පිළියන්දල https://youtu.be/zflg5uwNZ58
 

More News..