roadBlockMobile
brand logo
logo

මරණ පරීක්ෂකවරුන් දැඩි කොවිඩ් අවදානමක

10 August 2021

මරණ පරීක්ෂකවරුන්ට පූර්ණ ආරක්ෂිත ඇඳුම් නෑ

නිවෙස් තුළ මිය යන කොවිඩ් ආසාධිත පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ සිදුකරන හදිසි මරණ පරීක්ෂකවරුන් කොවිඩ් රෝගයට ගොදුරුවීමේ දැඩි අවදානමකට මුහුණ දී ඇතැයි” ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මොහොමඩ් ෆර්හාන් පවසයි.

නිවෙස් තුළ මිය යන කොවිඩ් ආසාධිතයින් නිරීක්ෂණයකර, මරණ පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇත්තේ හදිසි මරණ පරීක්ෂකවරුන්ටය.

හදිසි මරණ පරීක්‌ෂක (මුස්‌ලිම්) ලෙස අලුත් තනතුරක්‌ | Mawurata.lk
ඒ සඳහා රට පුරා හදිසි මරණ පරීක්ෂකවරුන් හත්සියයක් පමණ දෙනා සිටිය යුතු වුවත් දැනට සිටින්නේ තුන්සිය පනහක් වැනි පිරිසක් යැයි,” සංගමයේ ලේකම්වරයා කියයි. මේ කිසිදු හදිසි මරණ පරීක්ෂකවරයකුට තම ජීවිත ආරක්ෂාව සලසා ගැනීමට කිසිදු සෞඛ්‍ය ආරක්ෂක උපකරණයක් නොලැබෙන බව කියති. කොවිඩ් මළසිරුරක් වෙත ළංවීමේදී පූර්ණ ආරක්ෂිත ඇඳුමකින් සිටිය යුතුය. නමුත් එවැනි ඇඳුම් හදිසි මරණ පරීක්ෂකවරුන්හට නැතැයි එම සංගමය කියයි. එස්. පොද්දෙණිය - මීගහතැන්න
 

More News..