brand logo
logo

මහනුවර ඇසළ පෙරහැර අදින් ඇරඹේ

30 July 2022

අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 11

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දේවාල අභ්‍යන්තර පෙරහැර සංචාරය කිරීම අද (30) සිට ආරම්භ වේ. එය ලබන පළමුවන දා දක්වා සිදු කිරීමට නියමිත අතර පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම ලබන මස දෙවනදා ආරම්භ වෙයි. එදින සිට 6 වන දා දක්වා දිනපතා, කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරේ. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දොලි පෙරහැර ලබන මස 7 වන දා ආරම්භ කෙරෙන අතර අවසන් රන්දෝලි මහ පෙරහැර ලබන මස 11 වන දා විදී සංචාරය කිරීමටයි නියමියි. දිය කැපීමේ මංගල්‍ය ඊට පසු දින සිදු කරනු ලබයි.
 

More News..