මැණිකේ මගේ හිතේ ඔර්ජිනල් ගීතයේ හිමිකරුවා හඬ අවදි කරයි
04 September 2021
මැණිකේ මගේ හිතේ ඔර්ජිනල් ගීතයේ හිමිකරුවා හඬ අවදි කරයි
04 September 2021
මුල්ම කාලයේ කරාබු කඩලයි ගීත කරන්න සල්ලි හොයා ගත්තේ
මැණිකේ මගේ හිතේ ඔර්ජිනල් ගීතයේ හිමිකරුවා හඬ අවදි කරයි
මැණිකේ මගේ හිතේ මම එළියට දාපු පළවෙනි ගීතය
ගීතය රෙකෝඩ් කරන්න මහරගම ඉඳලා මොරටුවට පයින් ගියා
මුල්ම කාලයේ කරාබු කඩලයි ගීත කරන්න සල්ලි හොයා ගත්තේ
යොහානිට ගීතය දුන්නේ හදවතින්මයි
ඔහු සතීෂාන්. මීට අවුරුද්දකට විතර කලින් මැණිකේ මගේ හිතේ නමින් ඔහුගේ පළවෙනි මියුසික් වීඩියෝ එක කරනවා. ගීතය මිලියන 10 ක් විතර බලනවා. ඊට අවුරුද්දකට විතර පස්සේ ඔහු යොහානිත් එක්ක එකතු වෙලා මේ ගීතය නැවතත් අලුතෙන් කරනවා. මෙවර ඒ ගීතය මිලියන 70 කට වඩා බලනවා. පළවෙනි මියුසික් වීඩියෝ එකෙන්ම මෙතරම් පෙරළියක් කරන්නට සමත් වූ ඔහුත් සමග කතා නොකර කොහොමද? මැණිකේ මගේ හිතේ ඔර්ජිනල් ගීතයේ හිමිකරුවා සතීෂාන් හඬ අවදි කළා. https://youtu.be/Gw-kiVGfoHo මම කෑගල්ලේ බණ්ඩාරනායක විද්‍යාලයට ගිහිල්ලා පස්සේ ශාන්ත මරියා විද්‍යාලයට ඇතුල් වුණා. මියුසික් තමයි මගේ එකම හීනය. දවසක් තාත්තා මාව ස්ටුඩියෝ එකකට එක්කගෙන ගියා. ඔයා කැමති සංගීත භාණ්ඩය තෝර ගන්න කියනකොට මම කීබෝඩ් එක තෝරා ගත්තා. එදා ඉඳන් මගේ යාළුවා කීබෝඩ් එක. ප්ලේ කරන්න බෑන්ඩ් එකක්වත් නොතිබුණ නිසා මගේ කීබෝඩ් හීනය බොඳ වෙනවා. හැබැයි මම ගීත අහනවා. අතුල අධිකාරී තමයි මගේ ප්‍රියතම ගායකයා. ඒ කාලේ පෙම්සිහිනේ ගීතය ජනප්‍රිය වෙනකොට මටත් හිතෙනවා මේ වගේ ගීතයක් ලියලා කියන්න. ගීතයක් ලියලා රෙකෝඩ් කළා. ඒ ගීතය ඇහුවේ මමයි, මගේ යාළුවොයි විතරයි. ඔය විදිහට ගීත 8 ක් මගේ වියදමින්ම නිර්මාණය කරනවා. අතේ සල්ලි නැහැ. සමහර ගීත කරන්න සල්ලි හොයා ගන්නේ කරබු නැටි කඩලා.සම්පූර්ණයෙන්ම මගේ ජීවිතය වෙනස් කරන්නේ චමත් සංගීත් අයියා. ඔහු ගාවට දිලිප් සාරංගත් එක්ක මම යන්නේ ගීතයක් කරන්න. එතකොට මගේ නම දිලීප සඳරුවන්. උප්පැන්නේ තියෙන්නේ ඔය නම. හැබැයි, දිලීප් සාරංගත් එක්ක ගීතයක් කරලා දිලීප සඳරුවන් කියන මගේ නමත් දැම්මහම දෙන්නගෙන් කාටවත් වැඩක් නැතිවෙයි කියලා චමත් සංගීත් අයියා කිව්වා. ඔහු තමයි මට සතීෂාන් කියලා දැම්මේ. ෆීල්ඩ් එකේ ගමනක් යන්න ඕක හොඳ යුනික් නමක් කියලා ඔහු කිව්ව හැටි මට තාමත් මතකයි.
මට තාම මතකයි, මහරගම පැත්තේ මම පුංචි රැකියාවක් කරන කාලයක් තිබුණා. ඔය විදිහට හදපු ගීතයක් රෙකෝඩ් කරන්න යන්න තියෙන්නේ මොරටුවට. පාන්දර 2 ට තමයි මොරටුව ස්ටුඩියෝ එකට එන්න කිව්වේ. සිංදුව රෙකෝඩ් කරන්න වියදම් වෙන රු. 30,000 විතරයි මගේ සාක්කුවේ තිබුණේ. මම මහරගමින් රෑ 10.00 ට විතර පයින් යන්න පිටත් වෙනවා. පැය 03.00 ක් පයින් ඇවිඳගෙන මොරටුවට ගිහින් තමයි ගීතය රෙකෝඩ් කරන්නේ. ඔය වගේ නැතිබැරිකම් අප්‍රමාණව තිබ්බා. හැබැයි මට හොඳ ඉවසීමක් තිබුණා. ඔය විදිහට රෙකෝඩ් කරපු සිංදු 8 ක් යූටියුබ් එකකටවත් නොදමා මමම අසමින් රස වින්දා. ඔය විදිහට කරලා තමයි මැණිකේ ගීතය කරළියට ගේන්නේ. ප්‍රථම නිර්මාණය තුළින්ම ලොකු සාර්ථකත්වයක් ලබා ගන්න මට පුළුවන් වුණා.

මමත් හීනෙකින්වත් හිතුවේ නැහැ මේ තරම් ජනප්‍රියත්වයක් ගීතයට ලැබෙයි කියලා. මම යොහානිට ගීතය දුන්නේ හදවතින්මයි. ප්‍රතිලාභ ගැන හිතුවෙවත් නැහැ. සිංදුවක් දිහා අලුත් විදිහට බලන්නයි මට ඕනි උනේ. හොඳ හිතින් කරපු නිසා ගීතය අතිසාර්ථකව හැමෝ අතරට ගියා. මේ ගීතය වෙනුවෙන් එකතු වෙච්ච හැමෝම අද ප්‍රතිලාභ ලබනවා. ඊට වඩා ලොකු සතුටක් මම ලබන්නේ සිංහල ගීතයක් අන්තර්ජාතිකව ඉහළට ඔසවා තබන්නට ලැබීම ගැනයි. මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් හිමිකරුවා හැටියට මේ ගෞරවය මට හොඳටම ඇති. දැන් මම ඊළඟ ගීතයට සූදානම් වෙනවා. ඔමරි කියන ගීතයේ ට්‍රේලර් එක කළා. ඉන්දියාවෙනුත් ආරාධනා ලැබෙනවා. මේ දිනවල සිංහල ගීතය කරනවා. භාෂා කිහිපයකින්ම නිර්මාණය වේවි. යොහාන් එක්ක ඉදිරියේදී අලුත් වැඩක් කරන්න අදහසක් තියෙනවා. විදුලි බල මණ්ඩලයේ අනුරාධපුර ශාඛාවේ තමයි මම වැඩ කරන්නේ. කොළඹ ඉන්න ඕනි කියලා විශේෂයක් නැහැ. ඉස්සර ඉඳලම කාපු කට්ටත් එක්ක මම දන්නවා ඕනම දෙයක් කරන්න ඕන වෙන්නේ තමන්ගේ මහන්සියයි, හිතේ හයියයි කියලා. මේ දෙක තියෙනවනම් කොහේ උන්නත් එකයි. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
ඔය ගීතයෙන් පස්සේ තමයි කොවිඩ් ප්‍රශ්නය ආවේ. ඒකනිසා අලුත් නිර්මාණයකට අත ගැහුවේ නැහැ. මීට කලින් චමත් අයියාගේ ස්ටූඩියෝ එකේදී මට යොහානිව මුණ ගැහිලා තිබුණා. එදා යොහානිත් කිව්වා මැණිකේ මගේ ගීතයට ඇය ආසයි කියලා. පස්සේ මේ ගීතය යොහානි ටික් ටොක් එකක් කරලා දාලා තිබ්බා. මටත් මාර ආස හිතුණා එක දැක්කහම. චමත් අයියත් කතා කරලා ඇහුවා මැණිකේ මගේ හිතේ යොහානිත් එක්ක අලුත් විදිහට කරමුද කියලා. මටත් වැඩේ සෙට්. කොවිඩ් මැද්දේ එක දවසින් අපි සිංදුව රෙකෝඩ් කරලා ෂුට් එකත් කළා. චමත් අයියා කිව්වේ ඕක ලක්‍ෂ 5 ක් බලයි කියලා. හැබැයි අද වෙනකොට මිලියන 70 ට වඩා ගීතය බලලා තියෙනවා.

