brand logo
logo

මීගොඩ සංචරණ සීමා නිසා සිදුවූ දේ

15 May 2021

රජය ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන ලෙස කරන ලද දැනුම්දීම හමුවේ රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වන මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ (14) විවෘත කර තිබේ. කෙසේ නමුත් එළවළු මිලට ගැනීමට ජනතාව නොපැමිණීම නිසා ආරථික මධ්‍යස්ථානයට ගෙනවිත් තිබුන රුපියල් ලක්ෂ 12ක පමණ එළවළු තොග නොමිලයේ බෙදාදීමට කටයුතු කර තිබිණ. මේ බව සැලවීමත් සමග ආර්ථික මධ්‍යස්ථානයේ නොමිලේ ලබාදෙන එළවළු ලබාගැනීමට සංචරණ සීමාවන්ද නොතකමින් දහසකට ආසන්න පිරිසක් දිගු පෝලිම්වල සිට එළවළු රැගෙන යෑමට පැමිණ ඇත. මේ අතර රජය ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබුව ද පවත්නා තත්වය මත ලබන සඳුදා දින තෙක් යළි එළවළු තොග නොගෙනීමටත් වෙළෙඳසැල් වසාදැමීමටත් තීරණය කර ඇත. ඒ බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද රොහාන් මහතා සඳහන් කර ඇත.
 

More News..