රාමසාන් උත්සවය අදයි
14 May 2021
රාමසාන් උත්සවය අදයි
14 May 2021
ඉස්ලාම් ජනතාවගේ සාම්ප්‍රදායික රාමසාන් උත්සවය අද (14 වැනිදා) ට යෙදී තිබේ. ඊයේ (13 වැනිදා) පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී නව සඳ දැකීම හේතුවෙන් අද (14 වැනිදා) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි.
කෙසේ නමුත් කොවිඩ් ව්‍යාප්තියත් සමග දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති හෙයින් මෙවර රාමසාන් උත්සවය නෑගම් නොයා නිවෙස්වලට පමනක් සීමා වී සමරන ලෙසට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සමස්ත මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී.