ලංකාතිලක පිළිමගෙට අකුණක් ගහයි
21 September 2021
ලංකාතිලක පිළිමගෙට අකුණක් ගහයි
21 September 2021
අකුණුසැරෙන් බුද්ධ ප්‍රතිමාවට හානියක් නැහැ
පොළොන්නරුව පුරාවිදු බිමේ පිහිටි ඉපැරණි ලංකාතිලක පිළිමගෙයට පෙරේදා (19 වැනිදා) පස්වරුවේ අකුණක් වැදී ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු කියති. සවස් කාලයේ ඇති වූ වර්ෂාවත් සමග මෙම අකුණු අනතුර සිදුව තිබේ. එම අකුණු සර වැදී ඇත්තේ පිළිමගෙයි බටහිර දිසාවේ පිහිටි ගඩොල් බිත්තියකටය.මෙම පුරාවිද්‍යා ස්මාරක සඳහා අකුණු සන්නායක යොදා නොමැති බව නිලධාරීහු පවසති. කේ.ජී. කරුණාරත්න - තමන්කඩුව බණ්ඩාර මුදියන්සේ - පොළොන්නරුවඒ හේතුවෙන් එම බිත්තියේ අඩි 2ක් 3ක් පමණ ප්‍රමාණයක ගඩොල් කැට කිහිපයක් ගැලවී බිම ඇද වැටී ඇත. ලංකාතිලක පිළිමගෙයි තැන්පත් කර තිබෙන ඉපැරණි බුද්ධ ප්‍රතිමාවට අකුණුසර නිසා හානි සිදුව නොමැත.