චීන පර්යේෂණ නැව එළඹෙන 11 දා ලංකාවට
එළඹෙන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන (YUAN WANG - 5) පිළිබඳව ඉන්දීය නාවික හමුදාව විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
චන්ද්‍රිකා, රොකට් සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ආදිය නිරීක්ෂණය කළ හැකි නවීන උපකරණවලින් සමන්විත මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය නොසතුට පළ කරයි.
වයඹදිග ඉන්දීය සාගර කලාපයේ අභ්‍යවකාශ චන්ද්‍රිකා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට පැමිණෙන (YUAN WANG - 5) යාත්‍රාව එළඹෙන අගෝස්තු 11 වනදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතය.
ඒ අනුව එම නෞකාව අගෝස්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා හම්බන්තොට වරායේ නැංඟුරම් ලා තැබෙනු ඇති බව වාර්තා වේ.
එම නෞකාවට කිලෝමිටර් 750කට වඩා ඉහළ ගුවන් ප්‍රවේශ නිරීක්ෂණ හැකියාවක් පවතින බැවින් දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කූඩන්කුලම් වැනි ඉන්දීය පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම කේරළය, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් හී වරායන් ඇතුළු දකුණු ඉන්දීය වරායන් 6ක් පමණ මෙමඟින් චීනය නිරීක්ෂණයට ලක්වීමේ හැකියාව පවතින හෙයින් ඉන්දියාවේ මර්මස්ථාන රැසක තොරතුරු චීනයට රැස්කර ගැනීමට අවස්ථාව උදාවනු ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.