brand logo
logo

විදුලි බිල වැඩි කිරීම අනිවාර්යයි

29 August 2022

බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

විදුලි බිල වැඩිවීම ජනතාවට අමාරු වුණත් මණ්ඩලයේ වියදම දෙස බැලූවිට මෙය කළ යුතුම දෙයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. ඔහු මෙසේ පැවසුවේ විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පැවැති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වලට සහ පෞද්ගලික බලාගාර සඳහා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 7600කට වැඩි මුදලක් ගෙවීමට ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 3100 ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. විදුලි බිල වැඩි කළත් අඩු ආදායම්ලාභී අයට සහන සලසා ඇතැයිද ඔහු කීවේය. විදුලිබල මණ්ඩලයට කළ හැකි සමහර කටයුතු වෙනත් අංශවලට පසුගිය කාලයේදී පවරාදී තිබූ බව පැවසූ අමාත්‍යවරයා මණ්ඩලයේ මාෆියාවට විරුද්ධව කටයුතු කිරීමේදී තමා තනිවූ අවස්ථා තිබෙන බවද ප්‍රකාශ කළේය. විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න පවතින බවත් මෙම ආයතන සේවකයන්ට 25%ක වැටුප් වර්ධකයක් වාර්ෂිකව ලබාදෙන්නේ සේවා ඇගයීමක් කිරීමෙන් තොරව බවත් ඔහු පැවසුවේය. මේවා නැවැත්විය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 

More News..