brand logo
logo

සැෂේ පැකැට්ටු වැටලීම අගෝස්තු සිට

26 July 2021

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ආහාර ඖෂධ හෝ ඇසුරුම් නොකළ සියලු සැෂේ පැකට් වැටලීමේ කටයුතු අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

ඇතැම් කර්මාන්තකරුවන් දිගින් දිගටම වගකීම් රහිතව කටයුතු කිරීම නිසා වෙළෙඳ පොළේ තිබෙන සැෂේ පැකට් ලබන මාසයේ සිට වටලන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ කීවේය. සැෂේ පැකට් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඔහු කීවේය. මිලි ග්‍රෑම්, මිලිලීටර් 20 සැෂේ ඇසුරුම් නිෂ්පාදනය, බෙදාහැරීම ඉකුත් මාර්තු මස 31 වැනිදා සිට තහනම් කරන ලදී. එමෙන්ම, ලන්ච් ෂීට් තහනමට අදාළ ගැසට් පත්‍රයද පරිසර අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා පරිසර අමාත්‍යාංශයට යවා තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..